භෞතික විද්‍යාව - ද්‍රවස්ථිතිය



ද්‍රවස්ථිතිය

*ඝනත්වය යනු ඒකීය පරිමාවක ස්කන්දයය්.
ඝනත්වය = ස්කන්දය
                 පරිමාව
ඒකක kgm -3  වේ.
*සාපේක්ෂ ඝනත්වය යනු කිසියම් ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයට දරන අනුපාතයි.
සාපේක්ෂ ඝනත්වය = ද්‍රව්‍යයේ ඝනත්වය
                                  ජලයේ ඝනත්වය
*තරල යනු ගලායාමේ හැකියාවක් ඇති පදාර්ථයේ පවතින ද්‍රව හා වායු වේ.
*පීඩනයට ලක්කළ විට පරිමාව වෙනස්වෙනම් එය සම්පීඩ්ය තරලයකි.
*පීඩනයට ලක්කළ විට පරිමාව වෙනස් නොවෙනම් එය අසම්පීඩ්ය තරලයකි.
*පීඩනය යනු එකීය ක්ෂේත්‍රඵලයක් මත ඊට අභිලම්භව යෙදෙන බලයි.
පීඩනය =    බලය
                   ක්ෂේත්‍රඵලය
ඒකක Nm-2 හෝ Pa වේ.(Hgmm,Hgcm,bar,a.t.m.,ජල m වේ.)
අදිශ රාශියකි.
පීඩන බල දයිශිකයකි.

ද්‍රවස්ථිති පීඩනය

පීඩනය = ගැබුර(h) x ඝනත්වය(p) x ගුරුත්වජ ත්වරණය(g)
*h ගැබුරකින් පිහිටි ලක්ෂයක නිරපේක්‍ෂ පීඩනය,
පීඩනය = hpg + වායුගොලීය පීඩනය
*ද්‍රව බදුන a ත්වරණයෙන් සිරස්ව පහලට යනවිට,
P = hp(g-a) +  වායුගොලීය පීඩනය
*ද්‍රව බදුන ගුරුත්වජ ත්වරණයෙන් සිරස්ව පහලට යනවිට,
P = වායුගෝලීය පීඩනය
*ද්‍රව බදුන a ත්වරණයෙන් සිරස්ව ඉහළට යනවිට,
P = hp(g+a) +  වායුගොලීය පීඩනය
*එකම තරලයක එකම තිරස් මට්ටමේ ද්‍රව පීඩන සමානයි.

පීඩන සම්ප්‍රේෂණය පිළිබද පැස්කල් මූලධර්මය

*සංවෘත බදුනක් තුල අන්තර්ගත වන අසම්පීඩ්ය තරලයක පෘෂ්ඨය මත කිසියම් පීඩනයක් ඇති කල විට එය තරලයේ සෑම කොටසකටමත් බැදුනේ බිත්තියටත් එක හා සමානව සම්ප්‍රේෂණය වේ.
f/a = F/A

උඩුකුරු තෙරපුම් බලය

*වස්තුවක් තරලයක් තුල ගිල්වා ඇති විට තරලය මගින් වස්තුව මත ඇති කරන පීඩන බල නිසා වස්තුව මත ඇති වන සම්ප්‍රයුක්ත බලය උත්ප්ලාවකත බලයි.

ආකිමිඩිස් මූලධර්මය

*නිශ්චල අසමපිඩ්ය තරලයක යම් වස්තුවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිලී ඇති විට එය මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලය වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වේ.
U = Vpg
*ද්‍රව බදුන a ත්වරණයෙන් සිරස්ව පහලට යනවිට,
U = Vp(g-a)
*ද්‍රව බදුන ගුරුත්වජ ත්වරණයෙන් සිරස්ව පහලට යනවිට,
U = 0
*ද්‍රව බදුන a ත්වරණයෙන් සිරස්ව ඉහළට යනවිට,
U = Vp(g+a)
*උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කරන ලක්ෂය උත්ප්ලාවකතා කේන්ද්‍රය නම් වේ.මෙය විස්ථාපිත තරල පරිමාවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටයි.

ඉපිලුම් නියමය

*නිශ්චල අසම්පිඩ්ය තරලයක් යම් වස්තුවක් අර්ධ වශයෙන් හෝ පුර්ණ වශයෙන් ගිලී පාවේ නම් එය මත ඇති වන උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමාන වේ.
U = mg
*දණ්ඩක් එහි අක්ෂය සිරස්ව පාකිරීමට නම් එහි ගුරුත්ව කේන්ද්‍රය , දන්ඩේ උත්ප්ලාවකතා කේන්ද්‍රයට වඩා පහලින් පිහිටන පරිදි සකස් කල යුතුය.
සාපේක්ෂ ඝනත්වය = සත්‍ය බර / උඩුකුරු තෙරපුම් බලය
සාපේක්ෂ ඝනත්වය = සත්‍ය බර / සත්‍ය බර - දෘශ්‍ය බර

චලිත වන තරල ප්‍රවාහ ආකාර

*පීඩන වෙනසක් හෝ විභව ශක්ති වෙනසක් නිසා තරල චලිතයක් ඇති විය හැකියි.

àඅනාකුල ප්‍රවාහ - කිසියම් ලක්ෂයක් පසු කර යන තරල අංශුවක ප්‍රවේගය කාලයත් සමග වෙනස් නොවන පරිදි තරලයක් ක්‍රමානුකුල චලිතයක් සිදු කරන ලබන විට (අනවරත ප්‍රවාහ)

àආකුල ප්‍රවාහ - කිසියම් ලක්ෂයක් පසු කර යන තරල අංශුවක ප්‍රවේගය කාලයත් සමග නිරන්තරයෙන් වෙනස්වන පරිදි තරලයක් සිදු කරනු ලබන අක්‍රමවත් චලිතය.

සන්තතික සමීකරණය




AV = av
*හරස්කඩ ක්ෂේත්‍ර ඵලය A වූ නලයක් තුලින් ගලයන තරලයක ප්‍රවේගය V නම්,එහි තරල පරිමාව ගලායාමේ සීඝ්‍රතාව Q/,
Q/ = AV
*තරලයේ ඝනත්වය p නම් එහි තරල ස්කන්දය ගලා යාමේ සීඝ්‍රතාවය m/,
m/ = AVp


නුලී මූලධර්මය

*දුස්රාවී නොවන අසම්පීඩ්ය තරලයක් අනාකුල ප්‍රවාහයක යෙදෙන විට එහි එකම අනාකුල රේකාවක් මත ඕනෑම ස්ථානයක දී පිදනයේත්,ඒකීය පරිමාවක විභව ශක්තියේත්,ඒකක පරිමාවක චාලක ශක්තියේත් එකතුව නියතයකි.
P + ½ pV2 + hpg = K
P පීඩනය, hpg - ඒකීය පරිමාවක විභව ශක්තිය, ½ pV2 - ඒකීය පරිමාවක චාලක ශක්තිය
*P හා hpg ස්ථිතික පීඩනය වේ. ½ pV2 ගතික පීඩනය වේ.
*මෙය ශක්ති ස්න්ස්තිතික නියමයට අනුකුල නියාමයකි.
*එකම තිරස් මට්ටමේ පිහිටි අනාකුල රේඛාවක් මත පිහිටි ඕනෑම ලක්ෂයක් සදහා බනුලි නියමය විභව ශක්තියද නියතයක් නිසා,
P + ½ pV2  = K
*මේ අනුව තරල ප්‍රවේගය වැඩි ස්ථානයේ පීඩනය අඩු විය යුතුය.

නුලි මූලධර්මය යෙදීම්
*බන්සන් දහකයේ ක්‍රියා කාරිත්වය.
*විසිරි පොම්පයක ක්‍රියාකාරිත්වය.
*වෙන්චුරිමනය ක්‍රියාකාරිත්වය.
*පිටෝ නලයක ක්‍රියාකාරිත්වය.
*ක්‍රිකට් පන්දුවක ගුවනේදී සිදුවන දෝලනය.
*ගුවන්යානයක ගතික එසවීම.
*කඩදාසියක් තිරස්ව තබා ඉහල පෘෂ්ඨයට සමාන්තරව වාතය පිබින විට එය අවකාශය තුල පා කර ගතහැකි වීම.
*සුළිසුළං හමන අවස්ථාවක නිවසක වහලය ගැලවී යා හැකි වීම.
*සිදුරු සහිත බදුනකින් තරලය නිකුත් වන ප්‍රවේගය සෙවීම. 



Comments

  1. sapala ganathwaya hoyanne kohomada?

    ReplyDelete
  2. sapala ganathwaya hoyanne kohomada?

    ReplyDelete
  3. ප්‍රතිප්‍රවාහ මූලධර්මය kiyanne mokakd ?

    ReplyDelete
  4. Casino, Golf & RV Park, Casino, Spa, Spa, Hotel, Tower
    Find 수원 출장마사지 a Room at Casino, Golf & 김천 출장샵 RV Park, Casino, Spa, Hotel, 청주 출장샵 Tower, Tower, 안양 출장마사지 Spa, Casino, Spa, Hotel, Tower, Spa, Hotel, Tower, Spa, Hotel, Tower, 보령 출장안마 Spa, Tower, Spa,

    ReplyDelete

Post a Comment